අහක බැලූ මල් - හැඳින්වීම

අඩෝ...මල්ලා... නැගිටපං. .... බලපං කීයද වෙලාව ?
ජනේලෙ ගාවින් යන ගමන් අපේ  වැයික්කියෙ ගජයෙකුගෙ හඬට මං ගැස්සිලා ඇහැරැණා. මාලිගාවත්ත තට්ටු නිවාසෙට ඉර එළිය වැටිල හුඟක් වෙලා.මං ඇස් ඇරල බැලුව. ලණු ඉහිරැණු වැල් ඇඳේ මකුණොත් එක්ක  දනිපනි ගහපු තරං කොච්චරද කියලත් මං කොහොමද දන්නෙ. සිහියක් පතක් තිබුණයැ. ඊයෙත් මහ රූ වෙනකම් සුපුරැදු  සප්පායම් වෙලා ඉඳපු හින්දදෝ මන්ද උදෙත් මුළු ලෝකෙම කරකැවෙනව. තරැපන්ති එහා මෙහා දුවනව....මුළු ලෝකෙම කැරකෙනව.....
යාන්තන් මුට්ට කරගහල දවසට හොයාගත්ත රැපියල් දාහෙන් තව කීයද මන්ද ඉතුරැ.දවසෙ ගතමනාව හොයාගෙන එදාවේල ගෙවෙනව මිසක් හෙටක් ගැන නං කොහොම හිතන්නද?  ඒත් ඉතිං තෙල් බෙහෙත් ගාල සුව නොවෙන ඇඟේ අමාරැව  ඇරිල යන මල්වඩිමන්තරේ ජප කරනව මිසක්. අම්මාහ්.......ඔළුව පුපුරැ ගහන තරං .....
මං අමාරැවෙන් ඇඳෙන් නැගිටලා ජනේලෙන් එළිය බැලුව. ඒ එළියත් ඇස් කඩන් යන තරං කර්කශයි. ඒත් ඉතිං මේ ගෙන්දගං පොළවෙ ජීවිතේ ගැටගහගන්නත් එපැයි.... ගෙම්බගෙ කඩේ ළඟ පාන්දරින් සේන්දුවෙන මං ගිනිපත කරැවල වෙනකං ගම වටේ කරක් ගැහුව.ඒත් දවසක් පොඩි ගතමනාවක් හොයාගන්න හිතන් සුමනක්කගෙ ගෙදරට බැස්සත් ඒකත් ගැස්සුණාම කොහොම ගමේ වසන්නද? කාලෙකට කලින් ගමෙන් වහං වෙලා  සේන්දු වුණ මේ ගෙන්දගං පොළවෙ කොච්චරක් කල් ඉන්නද? මහ උන්දැලා නොදැක්කාමත් පපු කැනැත්ත වාවන්නෙ නෑ. ඒත් කොහේ යන්නද?  මේ පොළවෙම ඔහොම්මම මියැදෙනවා මිසක්?
මේ ගෙන්දගම් පොළවෙ මට කියල තිබුණෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ මගේ මගේ පුංචි සුරංගනාවි.ඒ ගැන මතක් වෙද්දි හිත තැනිතලා වෙනව.ආදරෙන් පිරෙන්න ගන්නව.  මුට්ට කරගහන දඩබ්බර කොලුකමට අහම්බෙන් මුලිච්චි වෙච්චඒ පිරැණු මුහුණ. මට ජීවිතේට ආඩම්බරයක් ගෙනාවා. සරස්වතිය වැඩ ඉන්න සරසවියෙන් මහ පොළවට බැස්ස දේවදූතිකාවි.මේ කරක් ගහපු ජීවිතේ කරක් නොගහපු ඉසව්වක් නැති මගේ ලෝකෙට කොහෙන් ගොඩ බැස්සාද නුඹ? මං කීවෙනි වැලන්ටයින්ද? මං ඇරැණම තව කීයක් ඉන්නවද?  ඔයත් තව කී දවසක්  මං ගාව ඉන්නවද ?
ජීවිතේ අද දවසත් ගෙවාගන්න ඕන. මේ ජීවිතේ මුල පෙරලන්න පටන් ගත්තොත්....
අඳුරැ සිත්තම් ලබන සතියේ සිට....

වසන්තෙට දුරද තව?

දුරක් නොපෙනෙන ඉමක
කවුළුවෙන් බලා හිඳ
මං කොහොම කියන්නද
වසන්තෙට තියෙන දුර?

ගනඳුර යටට වී
හූල්ලා නොඉඳ තව
ඉරේ රුස් හොයාගෙන
මං මගට බහින්නද?

පාර වැරදිලා මං
ආවාට හුඟක් දුර
කියනවද සොඳුරියේ
වසන්තෙට දුරද තව?


රචනය - ඉඳුනිල් සින්දු

අද සිට දිගහැරෙන ආදරණීයයන්ගේ කථාවත් සමග රැදී සිටින්න

0 comments:

Post a Comment