පුතේ නුඹට දෙවි පිහිටයි

හන්දිය  ළඟ වටවීලයි පුතුහට ගැටිබැට දුන්නේ
බැටන් පොලුවලින් ගහලයි පාරේ ඇදගෙන ආවේ
දරු කැක්කුම උහුලගන්න බැරුවයි දුවගෙන ආවේ
ලොවම නැතිවුනත් පුතාට අම්මා විතරයි ඉන්නේ

දමා ගිහින් පොඩිකාලෙම - පිය සෙනෙහස මගට වැටී
පාරෙ ඇවිදලා හෙව්වත් - කිසිදා හමුවුණෙ නැති
මලානික දෙනෙත් අද්දර - නිසොල්මනේ සැඟව ඇති
මගෙ අසරණ කලකණ්ණියට - සිනහව උරුම නැති

කාකි ඇඳුම බැටන් පොලුවලින් හෙට නුඹෙ නඩුව අහයි
ලෝගුව පොත් පිටු පෙරළා සිර දඬුවම් නියම කරයි
පත්තරවල ලොකු අකුරෙන් උඹගේ පැටිකිරිය ලියයි
දෙවියොත් නැති  ලෝකෙක මයෙ පුතේ  නුඹට දෙවි පිහිටයි

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment