ආදරණීය කවිය......
අහස සිඹින තට්ටු ගෙවල් - දඬු මොනරුන් හා
නම්බුනාම පට්ටන්දර - සොයා
හිස් ලූලූ අත දිවෙන- මිනිසුන් අතර
ඔහේ බලා සිටිමි මම...
මේ කිසිවක් හීනයක - අසලකවත් නොලූ
ඉසව්වක - පණ හික්‍ෂෙන පිනිබිඳු දෙස
නිසල දෑස් යොමා - බලා හිඳිමි...
මළවුන් අතරේ - නොමැරී සිටිනට
මහද කිතිකවයි....
අර්ථා: ගෘහේ නිවර්තන්තේ - ශ්මසානේ මිත්‍ර බාන්ධවා:
සුකෘතං දුෂ්කෘතං චෛව - ගච්ඡන්ත මනුගච්ඡති
(ධනය ගෙහි නවතින අතර, සොහොනෙහි
නෑයන් නවතියි.
කළ හොඳ නොහොඳ මා සමග යනු ඇත.)
මාපිය සෙනෙහස අහිමිව - මහමගට ඇද වැටී
අහම්බෙන් - බෝසත් මල් අසුනකට වැටුණු
ජීවිතයේ සියුම් නිල - ගැඹුරින් ඇල්ලූ නමුදු
හිස් අතින් මහ පොළවට පස් වූ
ආදරණීය පණිවුඩය පණිවුඩය සිහි කැඳවයි...
.........හැමෝගෙම ඇස්වල තියා කඳුළක්
යනවා මිසක්
එපා යන්නට දමා ගමට සුදු කොඩියක්....
සියල්ල සිහි කැඳවා ගෙදර ගිය පසු
බිරිඳ ගොරවයි..
.....ගෙවන්නද කොච්චර කල් - මේ කුලී වහල යට
හොයා ගෙන එව කහවණු - පර්චස් හයකට සරිලන ලෙස......
බසිමි ගෙදරින් එළියට - කිසිත් නොකියා පාන්දරම
....නොලසා නොඑමිය සොඳුර -ඉඳින් කැමති නම් රැක ගේ
දොර.....
සොයා යා යුතුය - මට අහිමි මම...
මහමගට බසින මට හමුවිය - මහා කවි කාලිදසුන් හා
සුපිරි තරුවක් මුහුණට
කාලිදාස -
රඝුවංශය ලිව්වත් මම - මට මාව දැනුණෙ අඟුටුමිට්ටෙක්ව
ඵල බරින් යුතු
වී කරල - පැහෙන කොට නැමෙනවා නොවැ
......ප්‍රාංශු ලබ්ධ්යේ ඵලේ මෝහාත් - දුද්බාහුරිව
වාමන:....
(උස ගහකට නගිනු කැමති අඟුටුමිට්ටෙක්මි මම)
සුපිරි තරුව - අද කාලෙ එහෙම බෑ අංකල්
නමාගෙන හිටියොත් මුදුන - හිට්වෙන්න ඕන නං නුඹට...
කවියට කලියෙන් - මේකප් කළ යුතුමය මුහුණ....
නෑසූ කන්ව යමිය තව ඉදිරියට....
අසතොමා සද්ගමය... - තමසොමා ජ්‍යොතිර්ගමය
මෘත්‍යෝත්මා අමෘතංගමය.... ( උපනිෂද්)
සිමෙන්ති කැට නොව - හදවත් තුළ ගිගුම් දෙන
හිස් ලූලූ අත දිවෙන - හදවත් සුවපත් කරවාලන
කවියක්ව - මා නිදන්ගත වුව
හදවත්වලින් නොමැකෙන - මා සුළඟක් කළ මැනව...
මං සීතල සින්දු