දෙයියනේ.....
කාකි ඇඳුම රාත්තිරියෙ
තාත්තව අරන් ගිහින්
කූඩුව ඇතුළෙම
අතපය කඩල
හුස්ම හිරකරපු....
ඕ අයිසීවයි , ගමේ උන්වයි
පතබාවන්න හිතන්
ගිනිබට හොයන්
මාලිගාවත්තට ගිය වෙලාවක
මට මුණගැහුණු
මහත රවුම් මූණ
තමයි චුට්ටෙ.......
මගේ මූණට එබිල
පපුව හාරල උඩට අරන්
පිටට තට්ටු කරල
කඬේකට එක්ක ගිහින්
කන්නත් අරන් දීල
මගේ මූණට එබුණ.
පුතා උඹට හරියන්නෙ
ගිනිබටේ නෙවෙයි පෑන
ඒක අතට ගනින් කියල
මාව ආපහු එවපු චුට්ටෙ
නේද මේ ?
දෙස් දෙවොල් තියනා
සෙනග අතරින්
මං චුට්ටෙට හිස නැමුව......
මං යනව චුට්ටෙ
ඒක්
උඹ වෙනුවෙන්
කවමදාවත් මේ පෑන
අතාරින්නෙ නෑ කියල
මං උඹට පොරොන්දු වෙනව......
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment