පාතාල චුට්ටේ
හන්දියෙ කවුද මිනිහෙක් මරල දාල......
පාතාලෙ එකෙක්ලු
මිනීමැරුම් මංකොල්ලකෑම් නඩු තියෙනවලු
ඔළුවටම වෙඩිතියල......
පිරුණු සෙනග අතරින්
මං හිමීට ඔළුව දැම්මෙ
පත්තරේට නිවුස් එකවත් දෙන්න හිතාගෙන
හිස පසාරු කළ උණ්ඩයක කෙලවරෙන්
මූණට එබුණු මට පෙනුණෙ
දිගටි රුවුලක් සහිත
මහත රවුම් මූණක්......
තවත් ටිකක් ළං වෙලා බැලුව.......
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment