බුදල්මී......... සිහිගිරි ආමි....

බුදල්මී......... සිහිගිරි ආමි....

දින ගණනක් ගෙවා දුරු කතර
බැඳි කදමලු ගෙන
පවුල් පිටින්
පයින්ම සිහිගිරි ආමි..
බෙයන්ද්හි රන්වනුන් බැලීමි
කැටපත් පවුරේ
කුරුටු ගෑ හදවත් බැලීමි
හිත සනහා ගතිමි..
හදෙහි තෙරපූ හැඟුම්
කැටපත් පවුරෙහි කුරුටු ගා
හිත නිදහස් කර ගතිමි......

සියවස් ගණනකට පසු
සිරගත දිවියෙන්
නිදහස් වන්නට සිතා
යළි ගියෙමි
සිහිගිරි බලනට....

පෙර මෙන් නොව
උඩටම
යකඩ පඩිපෙළ් බැඳලාය
වෙනදාට කලියෙන්
ඉහළ යා හැකිය
එනමුදු
උඩට නගින  හැමතැනම
බෝඞ් ලෑලි පිරිලාය
බිත්ති අතගෑම තහනම්ය..
නිශ්ශබ්ද වන්න.. විනීත වන්නෆ
වටපිට බැලීමි...
බෙයද මුදුනේද සෙනගෙන් අඩුවක් නොමැත
 යනෙන සැවොම
නොතේරෙන කුරුටු ගී
බලා සීරුවෙන් පහළ බසිති....

අවසන
හද තුළ තෙරපෙන සිතුවිලි
කුරුටු ගා යන්නට
දිවගියෙමි කැටපත් පවුර වෙත.....
පුදුමයකි....
දැන් එහි කැටපත වටා
වීදුරු පවුරක් බැඳ ඇත...
වටපිට බැලීමි
කුමක් කරමිද මම
ඒ අසල පුවරුවක ලියා තිබුණි
කුරුටු ගෑවොත් කැටපත් පවුරෙහි
දෙවසරක සිර දඬුවමක් නියතය නුඹට


 මං කුරුටු නොගෑ සින්දු

0 comments:

Post a Comment