කොහාට................
කොහෝ උඹවත් පලයන් ගෙදර
බෙහෙත් ඩිංගිත්තක් හරි අරගෙන
වොයිස් ගියපු ගොර හඬින්වත්
මරහඬින් අඬන්නට අවුරුද්දට
උඹ යනකොට අරන් යමන්
හන්දියෙ කඩෙන්
කොකිසක්වත් පොඩි එකීට
අවුරුදු කුමාරයත් තකහනියෙම
ණයපතෙන් ගත් තෑගි අරන්
නෑවිදින් බැරිකමට එනකොට
අපෙ ගෙදර
පවුලත් යන්න ගිහින්ලු
නොකියාම මහ ගෙදර
හදිසියෙවත් මතක් වී පඩිපත
ඇහුවොතින් මං ගැන පියබඳ
දුක්මුසු හඬින් කියාපන්
ණය බරින් මිරිකී මා
ළය පැලී මියගිය වග මහමග
මං තෙතබරිත සින්දු




0 comments:
Post a Comment