රතු රෝස මල.......
දෙවඟනක මෙන්
රුසිරෙන් යුත්
රෝස මලක්
පිපී දිලුණා
අනුන්ගේ ගෙවත්තක.....
මගතොට යනෙන
දින ගණනක් පුරා
දකින පියකරු රුව
උහුලාගෙන ඉන්නට
බැරිම තැන
අයිතිකරු සොයා
පියමැනිමි ගෙමිදුලට...
ඈඳිගෙන සිටියේය ඔහු
කම්මැලිව ඇඳි පුටුවක
ගොත ගසා අවසන...
පැවසුයෙමි
....මා සතු සන්තකයම දෙමි ඔබට
දෙනවද මේ රතු රෝස මල....
කිසිත් කලබලයක් නැතිව
ඈනුමක් ඇර
පැවසීය ඔහු..
වටිනවද උඹට ඔච්චරටම....
මට නං ඇතිවෙලා අතුගාලම
හැඩිවෙනවා මහ පොළව...
මලක් නොවේ
ඔය පඳුරම
අරන් පලයන්
නොපෙනෙනා දුර..
මං පෙම්බැඳි සින්දු




0 comments:
Post a Comment