රට ගිය අම්මාට.........

රට ගිය අම්මාට.........

මං වැඩට ගිය අතරෙ
අපේගෙටත් ගොඩ වැදුණු
චුට්ටෙ
පාඩම් කරකරඉඳපු
නංගිගෙ අකුරුත් පටලවන්
අරන් ගිහින්....

එදා ඉඳන් නන්දනීගෙ ගෙදරිනුත්
මගේ කසාදෙට අදිමදි කරනව....

විභාගෙන් පස්සෙ
හන්දියෙ කඬේළඟ
ගැන්සි බහින
මල්ලිගෙ හීනත්
දුම්රොළුත් එක්ක
කළුවරේ උඩුගුවනට
මුහුවෙනව කියල  දැන් ආරංචියි....

කණ්ඩියෙ තියෙන කොස්ගහ
වහලට කඩන් වැටෙන්න ළඟයි
සේතං මාම නං කිව්වෙ
මුදුන් මුල හයිය නෑලු

තාත්තගෙ දානෙන් පස්සෙ
වහලත් කඩා වැටෙන්න අරන්
බාස් නං කිව්වෙ
අත්තිවාරම හරි නැහැයිලු

අනේ අම්මෙ
පුළුවන් නං
කොස්ගහ වහලට
කඩන් වැටෙන්නකලින්
ගෙදර  එන්න....


මං ලොකු පුතා සින්දු

0 comments:

Post a Comment