අහක බැලූ මල් - පළමුවැනි දිගහැරුම



& මුං කාලකණ්ණි වුණාය කියල අනිත් මිනිස්සු පලිද.....*


&හිච්චි පුතේ අපේ ලොකු එකා ආවද?*
අපේ තාත්තගෙ  ගෝරනාඩුව කුස්සිය පැත්තෙ ඉඳපු මටත් ඇහුණ.
&ආ... ඔව් මාමෙ ...*
සඳුන් අයිය පිළිතුරැ දුන්නෙ බොහොම සංයමයෙන්.
&ඉති බලහං කොලුවො. මං මේ උඹලයි ගෙදර ආවට මුකුත් කියනව නෙවෙයි. ඔය දරැව කාලෙකින්නෙ එන්නෙ. ඔහේට ආවට මං මුකුත් කියන්නෙ නෑ...ඒත් පුතේ.... ඕකුන් ගිය තැන විනාසයි... මේ ළඟදි පන්සලේ හාමුදුරැවො මට එන්න කියලා මේක ගැන බලන්න කිව්වා... මට දැන් ගමේ උන්ගෙන් කයි කතන්දර අහල එපාවෙලා... එකයි මං මේ ඇහැ ගහන් ඉන්නෙ*.
&උදේ පාන්දර ගෙදරින් තොලොංචි වෙනව... කොයි දීපංකරේ යනවද කියල කවුද දන්නෙ. ඒ මදිවට හන්දියෙත් ඉන්නවනෙ මූසල හැත්තක්. ඕකුන් එක්කල ලෝකෙ නැති මහජරාව බී ගෙන ගමම විනාස කොර කොර ඇවිදිනව... මං කියන්නෙ රස්සාවක් කොරහංකො රට වටේ ඇවිදින්නැතුව*
සඳුන් අයියලගෙ ගේ ඉස්සරහට ඇවිත් තාත්ත පාන්දරිම්ම වැඩ පටන් අරගෙන. අර කොළඹ ඉඳල ආපු මනුස්සය මොනව හිතයිද? උගේ කසාදෙට ලෑස්තිවෙන වෙලාවෙ උදව්වක් කරන්න ආවම මෙයත් මෙතෙන්ට රිංගල සබ්බ සනුහරේම කියෝනව. අනේ අම්මප මෙලෝ වැඩක් නැද්ද අපේ මහ මිනිස්සුන්ට. ගෙවල් ගානෙ රිංග රිංග දරැවොන්ගෙ කුණුගොඩවල් ඇද ඇද ඇවිදින්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තනං මොකද?
&මාමෙ එන්න ගෙට....*
කවද්ද පුතේ ආවෙ... මේ යක්කුන්ගෙ වැඩ හින්ද ඒකත් අමතක වුණා. මොකෝ පුතේ ගේ හෙම පේන්ට් කොරන්නෙ... මොකක්හරි වැඩ සටහනක්කත් තියෙනවද?*
&ආ... ඔව් ... එව්ව පස්සෙ කියන්නංකො*.
&අනේ වාසනාවන්... කෝ... අපේ එකා හෙම.*
&අර එහාපැත්තෙ හිටියෙ...*
& අනේ මන්දා පුතේ.. අර ගෙනර ගෑනි තමා මේකව තවත් හුරතල් කරන්නෙ.. මං කියනවා කන්න දෙන්නෙ නැතුව ගහල පන්නන්න.. එතකොටවත් හැදෙයිද බලන්න කියල.. කොහෙද.. දන්නවද මුන් කරල තියෙන වැඩක්... පෙරේද හැන්දෑවෙ බජාර් එකම ගිහින් කොහෙන්දෝ බීල පොඩිමහත්තයගෙ වත්තෙන් තැඹිලිත් කඩන් බීල මහගෙදර වත්තට පැනල  මොකද්දෝ කෝන්තරෙකට රාජගෙ බෙල්ලෙන් අල්ලල ගහන්න හදල... උන් කෑ ගැහුවම ඉස්සරහ තිබුණු කඩේ පොඩි කරන්න හදල... මට ගෙයින් එලියට අඩියක් තියන්න නෑ... අර මිනිස්සු පොලීසි යන්න හදනව... දෙකක් කටේ හලාගත්තම  මුංට වැඩිය චණ්ඩි කොහෙවත් නෑ... අනික මුං කාලකණ්ණි වුණාය කියල අනිත් මිනිස්සු පලිද.....*
තාත්ත ඉස්සරහ පුටුවෙන් වාඩිවෙලා සඳුන් අයිය ඉස්සරහ පටිරෝල් කරනව. අපේ එවුනුත් ඉස්සරහ වැඩ. අපේ උන්ට මලපනියි දිගටම කියෙව්වොත්. අනික පොඩි කටක්නෙ තියෙන්නෙ. අපේ එවුන්ගෙ ගෙවල්වලින් දන්නෑ වෙච්ච සන්තෑසිය. අපේ තාත්ත එයාගෙ මහලොකු නම්බුකාරකම අටවනව.  දැන්නං ඉහමොළ රත්වේගෙන එනව. මං යකා බැඳි වේගයෙන් ඉස්තෝප්පුව පැත්තට ආව.
&තාත්තෙ මේ....?*




ඉනිවැටක්  වී කුමට......

ඉනිවැටක් හැදුවෙ නුඹ
පොඩිකාලෙ වගේ මට
දඟකාර කොලුකමට
පවුරක් වෙන්නමද...

ඒ කාලෙ මං වගේ
වෙන්න ඇති වුණත් ඔබ
මට එහෙම කාලයක්
අයිති නැතිවදෝ මට

නබෝ ගැබ පියඹලා
අත්තටු විදහලා
කාලෙක ඉඳන් මං
මැවු හීන කන්දම

ඔය සෙනේ හින්ද මං
කොච්චරක් කාලයක්
හකුළගෙන මුළුවැදී
ගුලිගැසී  හිඳින්නද?





 සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment