මොකදු වුණේ සොඳුරු

මොකදු වුණේ සොඳුරු

පැටුවු එක්ක නිදිවරලා ගිලී ගාරා
වැටුණු
මලානික දෙනෙත් කිව්වා නුඹේ
සුසුම් පවුරු
මගෙ මුවගට එබුණු කාලේ දිලිහි
දිලිහි තිබුණු
ඉඟි බිඟි පෑ ඔය දෙනෙතට
මොකද වුණේ සොඳුරු?

ආල කතන්දර මුමුනා
ඉස්ටේසම ළඟට වෙලා
පෙම් පුරවපු අපේ හීන
රස කර කර ගයපු
කොවුල් පදවැලක් ඔච්දර
කොහොම වුණේ නපුරු?

හීන මාලිගා මව මව
උරතලේම දැවටීගෙන
හුරතලේම නිදියහනේ
තුරුලට වී ඉදපු
නිසොල්මනේ සැතපෙන්නේ
බර සිනා අහුරු..

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment