බත් අම්මා සහ මල්ලී

බත් අම්මා සහ මල්ලී

හන්දියෙන් බැස මල්ලීත් මමත්
පසුකර යමි බෝගස 
“අනේ පුතේ බත් කටක්“
හිඟමන් යදියි අම්මෙක්
මල්ලී ඇය දෙස බලා සිනාසී
අහක බලාගති

අම්මා නැති 
අමාරු කලෙක
බත් දුන් 
අම්මා සිහිවුණි

“මා පුතෙකු නොව
ඇයි නුඹ මට බත් දෙන්නේ“?

“මේ බත් අද නුඹට දෙන්නේ නුඹට පුළුවන් දවසට තව කෙනෙකුගේ  කුසගිනි නිවන්නයි*

මං මගේ බත්පත 
සිගන අම්මටා දී
මල්ලී සෙව්වෙමි.
ඔහු මා පසුකර බෝ දුර ගොසිනි

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment