නිකං බස්

නිකං බස්

අඩ නින්දෙන් ඇහැරිලා
පාන්දරින්
වැඩට යන

ට්‍රැෆික් එකේ තෙරපිලා
හැන්දෑවට
ගෙදර එන

එකම හයිලෙවෙල් පාරෙම
හති වැටී වැටී දුවන

ලීසිං වලටම සිරවී
සුසුම් පොදි 
ගුලි ගසාගෙන

ගමට සුදු කොඩියක්
දමා සැතපෙන
නිකං බස්

0 comments:

Post a Comment