සඳ සහ තරු
පාට පාට විදුලි බුබුළු - එළියෙන් වී වර්ණවත්
රෑ අහසේ වේදිකාව - මත රඟදෙති වී තෙදැත්
ලංව එකක් බැලුවම - වෙනසක් දැක්කේ නැතුවත්
අනුන්ගේ එළියෙන් දිදුලන තරු අහුරක් මිසක්
සඳ එළියෙන් ගෙන සොමිගුණ - පිපී දිලෙන තරුවටත්
ගයා වණත් අම්බරයේ පුතේ නුඹත් පුන්සඳක්
පාට බුබුළු එළි දල්වන යෝධ විදුලි පන්දමක්
එළියක් නැති තරු පුම්බති තරමටමම පුන්සඳක්
දවස පුරා පැටවු ගමන අම්බරයේ තරු හුඟක්
දිලී නිවී සැඟවෙති - හොයාගන්න බැරි හෙටත්
නිදී දිලෙන තරු මිස අපි - කවදා දකිමුද හඳක්
සටහන - ඉඳුනිල් සින්දු
පාට පාට විදුලි බුබුළු - එළියෙන් වී වර්ණවත්
රෑ අහසේ වේදිකාව - මත රඟදෙති වී තෙදැත්
ලංව එකක් බැලුවම - වෙනසක් දැක්කේ නැතුවත්
අනුන්ගේ එළියෙන් දිදුලන තරු අහුරක් මිසක්
සඳ එළියෙන් ගෙන සොමිගුණ - පිපී දිලෙන තරුවටත්
ගයා වණත් අම්බරයේ පුතේ නුඹත් පුන්සඳක්
පාට බුබුළු එළි දල්වන යෝධ විදුලි පන්දමක්
එළියක් නැති තරු පුම්බති තරමටමම පුන්සඳක්
දවස පුරා පැටවු ගමන අම්බරයේ තරු හුඟක්
දිලී නිවී සැඟවෙති - හොයාගන්න බැරි හෙටත්
නිදී දිලෙන තරු මිස අපි - කවදා දකිමුද හඳක්
සටහන - ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment