&ආයි කියපං බලන්න...*
&තාත්තෙ මොකද කෑ ගහන්නෙ. මෙතන පිටින් ආපු
මිනිස්සු ඉන්නව. අනිත් මිනිස්සු වැඩනෙ. තාත්තට වැඩක් නැතිවුණාට...*
&මොකද්ද කිව්වෙ උඹ ... ආයි කියපං බලන්න...*
තාත්තව බේරන්නම බෑ. පුටුවෙන් නැගිටලා මං දිහාට ආව. මං
හිතුවෙ දැං කණ පුරෝලා වදියි කියල.
&මොකවත් කිව්වෙ නෑ. දැං ගෙදර යන්න*.
&කොහේ යන්න..... මට ගෙදර යන්න තෝ කියන්න ඕන්නෑ...
බොල. වරෙංකො ගෙදර. මහ එකී තමයි මේ සේරම කොරන්නෙ. මුංව ගෙවල්වලින් එළවන්නෝන. එතකොට
තමයි හැදෙන්නෙ. කොහෙද ඉතිං මහ ගෑනි හුරතල් කරනවනෙ. තාම පොඩි එකාලු. මුංගෙ පොඩි
බලන්නෝන ... සඳුන් පුතේ හැන්ද වෙනකොට බෝක්කුව ගාව දාන සෙල්ලං ටික දැක්කම.
කෙල්ලෙකුට පාරෙ බැහැල යන්න නෑ. වත්තක කුරැම්බ ගෙඩියක් තියාගන්න නෑ....*
හන්දියෙ එවුනුයි පිට මිනිස්සුයි සේරම ඉන්න තැන ලවක්
දෙවක් නැතුව තාත්ත කියෝනව. විලි ලැජ්ජාවෙ බෑ. කොල්ලො ටිකත් සේරම එතන. සඳුන් අයියගෙ
යාළුවොත් ඇවිත්. .. එයත් ඉස්සරහට වෙලා මෙයා කියෝනේව අහං ඉන්නව.
&සඳුන් අයියෙ මං යනව... *
&කසුන් පොඩ්ඩක් හිටපං... සඳුන් අයිය පාර පැත්තට
දුවන් ආව*.
&ඇයි යන්නෙ. කාල පලයං*.
&මං පස්සෙ එන්නං*.
&මේ අහපං.. මොකද්ද බං උඹ මේ නටන පිස්සුව. පවුනෙ බං අර මනුස්සය. මං
පොඩි ජොබ් එකක් හොයල දෙන්නද තමුසෙට... මොකද කියන්නෙ...*
මුකුත් නොකිය පොඩි එකෙක් වගේ ඔළුව වනල මං පාරට බැස්ස.
ගිනිකාෂ්ටක අව්වත් පාන්දරම පාරට බැහැල සෙරෙප්පුවක්කත් නැති මගේ දෙපතුල් දවනව.
බඩගින්නෙ දැවෙන කුසේ ගින්දරට හිතේ ගින්දරත් එකතු වෙලාද කොහෙද? ඊයෙත් හරියට නින්දක්
නෑ. අනේ අම්මපා මොකද්ද මේ ජීවිතේ. සීත සුළං රුල්ලක් හෙමින් මගේ ඇඟේ දැවටෙන්න ගත්තෙ මහ පාරෙන් අපේ ගෙදරට යන්න
තියෙන වේල්ලට පැන්නට පස්සෙ. කුඹුරැ යාය මැද්දෙන් යන හැන්දෑවට මේ වෙලේ මං කී පාරක්
නං වැටෙන්න ඇද්ද? වැඩිපුරම වැටෙන්නෙ හන්දියෙ එවුන් එනවට වේල්ලත් අල්ලලා වැට මායිම්
බැඳපු හීන් වෙල්ල අද්දරදි. දැනුත් වැටෙන්න යනව වගේ නිදිමතයි පණ නැති කමටයි. කී
දවසක් නං මේ පාරට මරාගන්න ඇද්ද? එක පාරක් මානෙලයට ගැහුවත් එක්ක. අම්මෝ දැන්
මේ කන්දත් බඩගාපංකො.
&කසුන්......*
දමා ගිය හිත අරන් යනවද?
මතකයට රිදුමන් තියා
ගුලිගැසී ඉකිලන නෙතු දිහා
කාත් කවුරැත් නැති බවත් දැන
නොකියාම යන්නට ගියා
කුලුඳුලේ නොවුනත් වසන්තෙක
උන්නමුත් තුරැලට වෙවී පෙර
නොකියාම ඉගිලී ඇසිල්ලක
නික්ම ගොස් වැහුවද කැදැල්ලක
නෑකමක් නැති දෑස් මානෙට
ආයිමත් නොපෙනී ගියත් මට
ඇවිත් යනවද මහමගටවත්
දමාගිය හිත අරන් යන්නට
ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment