ගිටාරය


























ගිටාරය

ඇහැරවා මා හදේ ගැඹුරුම
තැන් සොයාගෙන ගොසින් දවසම
නුඹත් එක්කලා දොඩමළුව උන්
මතකයම කොච්චරද සුන්දර

නුඹ හිඳියි මුල්ලකම තනියම
නිදිමතේ ගොඩවදිමි මැදියම
හදේ තෙරපෙන ස්වර නිවාගෙන
නොදැක්කා වාගෙම සැතපෙන

කලාතුරකින් බඳේ සැනසෙන
ඇඟිලි තුඩු ගොරහැඬිව මොරදෙන
තත් අතර හිරවෙලා එකතැන
ස්වර හතත් අමතක වෙලා මට

රුවාගෙන පපුතුරේ මැදියම
අහම්බෙන් දුහුවිලි පිසිනමට
බොල් හඬට මුහුවෙලා මිමිණෙන
නුඹේ දුක්මුසු හඬ ඇසේ මට

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment