එනවාද නුඹ මගටවත් හෙට

එනවාද නුඹ මගටවත් හෙට

මතකයට රිදුමන් තියා
ගුලි ගැසී ඉකිලන නෙතු දිහා
කාත් කවුරුත් නැතිබවත් දැන
නොබලම යන්නට ගියා

කුළුඳුලේ නොවුණත් වසන්තෙක
උන්නමුත් තුරුළට වෙවී පෙර
නොකියාම ඉගිලී ඇසිල්ලක
නික්ම ගොස් වැහුවද කැදැල්ලක

නෑකමක් නැති දෑස් මානෙට
ආයිමත් නොපෙනී ගියත් මට
ඇවිත් යනවද මහමගටවත් 
දමාගිය හිත අරන් යන්නට

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment