ගායකයාගේ පිදුම

ගායකයාගේ පිදුම
පොඩි ඉඩක්වත් හොයන්
සැනසිල්ලේ නිදියන්න
බිරින්දෑ මැවූ හීන මාලිග
ගුලි කරන් මං අරං මිටකට

නොම එරෙන මව්කිරට
දිය රහම බත් බෙදන
චූටි දූ හට අයිති
පිටි කිරිත් ගෙන අතරට

ඔත්පලව ඇඳ මතම
පණ යදින අම්මාට
බෙහෙත් ගන්නට තිබූ 
සොච්චමත් 
ඇහැට නොපෙනෙන තරමට
පොඩිපට්ටම් කොට
අනා වැහිදිය
මුසුකොට තැනූ
සංයුක්ත තැටිය

පිළිගන්වමි ඔබට....!!!

0 comments:

Post a Comment