පෝරුවක් අපි ගනිමු කුලියට



























පෝරුවක් අපි ගනිමු කුලියට

තාත්තාට බර වැඩිලු දූ දැන්
දීග දෙන්නට හොයනවා
කල්ගියොත් ඵලබරත් නැතිවෙයි
නැන්දම්මා බය කරනවා

“තව දොහක් ඉඳලා හිමිටම
ඕක කෙරුවොත් මොකක්දැයි
අහලා බලලා ගෙදරිනුත්
මට කියනවද සොඳුරියේ දැන්“

“හීන අටු කොටු පුරවලා
ගෙට අරන් එන්නට කල්බලා
කාලයක ඉඳ සැරසෙනා විට
 අපි ඉඳියි නාකිත් වෙලා“

“ඉන්න තැනකුත් නැතිව හරියට
තෙමෙනකොට අපි කොහේ ඉන්නද?“

“පොරොන්දම් ගැලපිලා ඇතිකල
රස්සාවකුත් තියෙන මොහොතක
කුලී කූඩුවෙ ටික දවසකට
හිටියාට මක් වෙයිද හැබෑවට“

“පෝරු විගඩං නැතිව චාමෙට
තියෙන ගාණෙන් යමුද කුලගෙට“

“යාළුවොත් එන අපේ කුලගෙට
ලැජ්ජා වෙන්නේ කොහොම මං හෙට
ණය වෙලා හරි අපේ මගුල් ගෙට
පෝරුවක් අපි ගනිමු කුලියට“

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment