හීනෙනුත් මං
හීනෙනුත් මං හිනාවෙනවලු
බිරිඳ දැන් දැන් කියනවා
ඇඳට නැටුණම නින්ද යන
මං රෑ පුරා ඇහැ ඇරෙනවා
ඉර ඇරෙන තුරු නිදාගන්නා
හිතත් කලියෙන් අවදි වෙයි
වෙනදාට වැඩියෙම්ම මූණට
පුයර බිඳකුත් එකතුවෙයි
කන්න පිරියක් නැතිවුණත් සැන්
හිතත් හොඳටම පිරෙනවා
අනෝරා වැස්සේ වුණත් සැන්
නටන්නට මට හිතෙනවා
රතු ඉරට කලියෙන් පැන්න හිත
රතු ඉරත් පහු කරනවා
කියන්නත් බැරි නොකියාත් බරි
කතාවක් හිත කියනවා
ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment