මගේ දුවේ නුඹ දන්නවා නම්



මගේ දුවේ නුඹ දන්නවා නම්

දුවෙක් උපන්නා
නර්ස් නෝනා පැවසූ සැණින්
ඉපිල ගිය සතුටින්
වාට්ටුවට දුවගෙන යනවිට
එකෙක් කියනු ඇසුනා
කොල්ලෙක් හම්බවෙලා ඇති

සිහිය ආ සැණින් 
බිරිඳ ළඟට දිව ගියෙමි මම
කඳුළු පිරි දෙනෙතින්
වරදකාරී හැඟුමෙන් 
බලා සිටියා
අසරණව මා දෙස

ඇමතීමි මා මවට එසැණින්
අම්මේ දූ පොඩිත්තක්
අයියෝ ... කියවුණි ඇයට
දැන් ඉතින් මක් කරන්නද
කෝකත් ගහේ ගෙඩි නොවැ

ගත්තෙමි හොඳම මිතුරාට
හිත හැදෙන වදනක් අසන්නට
ඩෝන්ට් වොරි සනා
ලබන පාරවත් ට්රයි එකක් දීීපං
මගේ දුවේ නුඹ දන්නවා නම්

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment