තා තා තා
සඳ පිපෙන පාන්දර සමනල තටුත් ගහන
පුංචි දූ ඇහැරිලා ඇඳේ දනි පනි ගහන
කෝම්පිට්ටුත් නැතුව තට්ටුගෙයි සිරගතව
හුස්මක් කටක් ගන්න සිඟිති පා පොඩි හොයන
කුලී ගෙට වග කියන්නට මාස් පඩි හොයන
නිදි කිරා වැටි වැටි මහ රෑක ගෙදර එන
හීන දකිනා නුඹට හාදු දී දොඩමළුව
හිනාවක්වත් නොදැක පාන්දර වැඩට එන
තා තා තා කියන හඬ ඇහෙයි හැම තැනම
ලෝබ හිතිලා දුවන් එන්නටම මට හිතෙන
දුක පිරුණ ළෙංගතුම පපු කැනැත්තේ පිරුණ
තාත්තාගේ ආදරේ තරම නුඹ දන්නවද?
ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment