අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ


අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ

පොලු මුගුරු පාරට බිඳුණ මුත් ඇටසැකිලි කටුගේ
අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ
දෙදරලා හඬ නගන බිත්තිය පෙන්නුවිට ආලේ
ළය මඬල උණු වුණා කිරි්වල ලේ රහට අම්මේ

කඳුළු වේලී මලානික වී පොලී වුණු මැස්සේ
බැණුම් වරුසා හෙණ ගහද්දිත් තෙමි තෙමී වැස්සේ
කෙසෙල් පිල්ලෙන් වසා දරුවන් මහමඟට බැස්සේ
බුදුවෙන්න නුඹ පෙරුම් පිරුවද ගිනි ගොඩක් මැද්දේ

හීන ඉහිරුණු සල් පිලට නුඹ දරදියයි ඇද්දේ
තාම හයියෙන් දුවන නුඹගේ කඳුළු නෑ දැක්කේ
වන්දනාවක යන්න පන්නැති ජීවිතේ හිරගේ
හිස් අතිම්මම පස් වෙලා යයි නුඹත් මගෙ අම්මේ

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment