උපන්දින සුබපැතුම

උපන්දින සුබපැතුම
“සුභ උපන්දිනයක් ඔයාට"
නමක් නැති පණිවුඩය
ආවා පාන්දර

“හැපි බර්ත් ඩේ මචං"
පැවසුවා මිතුරනුත්
මං වැඩට ගිය කලට

දැන් එතියි
දැන් එතියි
බලා හිටියා
හුඟක්
එනතුරා
බිරිඳගෙන්
සුබපැතුම

නාදවිය දුරකථනයේ
එකෙණෙහිම නැතිවිය
යළිදු එබුණෙමි
එවා තිබුණි පණිවුඩයක්
“ගෑස් ඉවරයි"

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment