ගාන කීයද?

























ගාන කීයද?

පන්හිඳෙන් ලියූ
අකුරු කැට පොදිබැඳ
ඇවිදලා හැමතැන
යැද්දා රස්සාවක්
හෙට උපදින උන්ට
පණනල බෙදන්නට

සිනාසුදා සැවොම මට
නුඹට සරිලන රස්සාවක් නැති වුව
දිවි රැකගන්ට
දෙමි නුඹ අතට ගිනිබටය

පෑන විසිකර
අතට ගත් තුවක්කුව
වාරු නැති වුව
දෙනෙත් පියාගෙන
මං කොකා ගැස්සුවා

පණ බගේ ගැස්සුව
කොකා ලේ හෙල්ලුව

මහ පොළොව බදාගෙන රුහිරු කැට
තැන තැන වි...සි....රි...ණ

රතු රුහිරු කැට හෙළූ පඬියෙන් 
මාලයක් මං අරන් යන්නෙමි
දයාබර හවු ගෙලෙහි ළා එය
උජාරුවටත් හැඩ බලන්නෙමි
හින්දා නොළුනා නිදි පැදුර මත
හදේ ගිනිදැන් පිස දමන්නෙමි
මිනිස් දිවියක් වටින්නේ
කීයදැයි මං තව
ගණන් බලන්නෙමි

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment