අකුරු කෙටීම

අකුරු කෙටීම

රාත්‍රිය පුරා ඇහැරී
මගේ ළයට තුරුළු වෙවී
තාත්තා ගැනම අසනා
දුවේ නුඹට ඉමි පිටදී

පාන්දරින් ඇහැරෙන ඉර
උඹගෙන් ඇහුවාට ගතු
එපා කියන්නට කිසිදා
දුවේ තාත්තාගෙ තතු

සංසාරේ පිය සටහන්
ඇන්ද තැනක ලකුණු මැකී
තවත් පපුතුරක අකුරක්

අලුතෙන් ඔහු කොටනවැති

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment