කඬේ මල්ලීට ලියමි

කඬේ මල්ලීට ලියමි

අනුෂ්කලා දමින්දල සනීපෙන්ද?
මං නං අසනීපෙන්
ඊයෙත් පීනසට බේත් ගත්ත

හැන්දැවට ගෙම්බගෙ කඬේ
පිටිපස්සෙ
අඩියක් ගහල
සින්දු කියන හැන්දෑවල්
ආයි එනේකක් නෑ බං

මං ලොක්කෙක් වුනාට
ජීවිතේම හුඟක් පුංචිවෙලා බං
කරට අතක් දාගන්නවත්
මගෙ කවුරුවත්
මෙහෙ නෑ බං

අකුරුස්ස බස්සෙකේ නැගල
ගල්ලල හන්දියෙ බැහැල
මහ හයියෙන් කෑ ගහල
ගැන්සියත් එක්කලා
බෝක්කුව ගාව දොළේ
මාළු අල්ලන්න
හැමදාම මහ රෑට
හීනෙන් ගමට එනව මං

මට නිවාඩු ලැබෙද්දි
ඇලේ මාළු නිවාඩු ගිහින් තියෙයි
ගෙම්බගෙ කඬේ වහල තියෙයි
මේ සේරම දමල ගහල
ගමට දුවන් එන්න හිතුණත්
ආයිත් ගමට එන්න
විලංගු ලාපු දෙපාවලට
පුළුවන් කමක් නෑ බං

උඹට පුළුවන්නං මට
එක උදව්වක් කරපං
මගේ පණ කෙන්ද
කෝන් ගහ ගාව හරි
ඇළ ගාව හරි ඇති
පුළුවන්නං ඒක පාර්සල් කරල

කොළඹට එවපං

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment