මුල් (නො) ඇල්ලූ ගස්
අක්මුල් අල්ලලා
මහ පොළව බදපු
ගස්
මහගස්වලට
උපහාර තියද්දි
සතුටු කඳුළු පනින
ආඩම්බර ඇස් දිහා
මං ඔහේ බලන් උන්න...
කොච්චර ට්‍රයි කරල
දොහොත් මුදුන් තියන්න හැදුවත්
ඉබාගාතෙ ගියපු
ගැලවිච්ච අක්මුල් මතක් වෙනව....
එතකොට අම්මෙ මට
උඹත් එක්ක මල පනිනව.....
මහගස් මුල නොබැදුවම
එල්ලෙන්න වැල් නැතුව
තුත්තිරි ගස්වල එල්ලිලා
මං ජීවිතේ බේරගන්නව...
ඒත්.............
ගැලවිච්ච මුල්වල පතුරු
පපුවෙ ගැඹුරුම තැන්වල
ඉතිරිවෙලා තියෙනව...
පපුවෙ ඉතිරිවෙච්ච පතුරු
මගේ ජීවිතේ මුල් ගලවල ඉවරයි....
හෙට උපදින පැළගස්වලත්
මුල් ගැලවෙයිද....?
කමක් නෑ අම්මෙ
මං
උඹට දණ නමනව........




0 comments:
Post a Comment