පින්සාරි

පින්සාරි

රෝස පද්ම මුකුලිත මුඛ
පද්ම කමලිනි
ස්නිග්ධ දේහ  විකසන
ලාලිත්‍ය ධාරිනි
හෘද රෝග නිවාලනා
පුන් පයෝධරී
පවසන්න සොඳුරියේ
නුඹ කාහටද දැන් හිමි?

නාරිලතා චාරුදේහ
නෙත් පුරා ඇදි
මන්දහාස නඟයි
සිහිනයෙනුත් අවදිවි
ගොළුවෙලා හෘද 
කුටිරයේ
අතරමං වේවි
තටු නැතිව ඉගිලෙන්න
හදන පක්ෂියා වෙයි

ආලවන්ත හැඟුම් පුරන හෘද කුම්භනී 
නේත්‍ර යුග්මයෙන් කලතා
එවයි දුක් ගිනී
දග්ධ හෘද කුටීරයෙන් 
නැගෙන ශ්වාසිනී
කියයි නුඹට ඇති
ස්නේහයෙ
තරම පින්සරි

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment