රණ්ඩුවෙන්නවත් නුඹ අද නෑනේ මං ගාව
දියරහ බත් පතත් - දිගඇරන් හඳපාන
පේන බිම සිමෙන්තිය - උඩ ඉඳන් මුමුණාන
නුඹ කවන බත් කටේ - රහ බලන් කොඳුරාන
පැය ගණන් අපි අපේ ළඟට වී උන්නාද
නොක්කාඩුවක් දැනුණු - විට ඇනුම් පද ගාව
කේන්තිය ඉහ මුදුන් - වෙලා මළ පැන්නාම
උහුලන්න බැරිකමට - පාරකුත් ගැහුවාට
මතක් වෙන හැමදාම කඳුළු පනිනව තාම
හුස්මක් කටක් නොගෙන - කාසි කැට අහුලාන
මං බැලුව දුර ඈත - නුඹ හිටියේ නෑ මෑත
තැනූ මන්දිරෙ හඳ - හිටියාට ළඟ පාත
රණ්ඩු වෙන්නවත් නුඹ අද නෑනේ මං ගාව
ඉඳුනිල් සින්දු
දියරහ බත් පතත් - දිගඇරන් හඳපාන
පේන බිම සිමෙන්තිය - උඩ ඉඳන් මුමුණාන
නුඹ කවන බත් කටේ - රහ බලන් කොඳුරාන
පැය ගණන් අපි අපේ ළඟට වී උන්නාද
නොක්කාඩුවක් දැනුණු - විට ඇනුම් පද ගාව
කේන්තිය ඉහ මුදුන් - වෙලා මළ පැන්නාම
උහුලන්න බැරිකමට - පාරකුත් ගැහුවාට
මතක් වෙන හැමදාම කඳුළු පනිනව තාම
හුස්මක් කටක් නොගෙන - කාසි කැට අහුලාන
මං බැලුව දුර ඈත - නුඹ හිටියේ නෑ මෑත
තැනූ මන්දිරෙ හඳ - හිටියාට ළඟ පාත
රණ්ඩු වෙන්නවත් නුඹ අද නෑනේ මං ගාව
ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment