මගේ කරපිටින් නුඹ නොකියාම යන්න ඇති



වහනු බැරි ආවාට අරක් ගත් පුන්සඳේ
පුයුර ඩිංගක් අහම්බෙන් උලාගෙන උදේ
හැමදාම වැඩට ගොස් ආවාට ගොම්මනේ
අලුයමේ ඇහැරෙනා සොඳුර නෑ ඇහැරුනේ

සාරියක් ඉල්ලලා හුඟක් කාලෙක ඉඳන්
රණ්ඩුකර මා එක්ක කාසි ඉල්ලා අරන්
දෙවියනේ ඒ කාසි ගියාවද හොරු අරන්
සුදු සාරියක් ඇන්දෙ තරහටද රත්තරන්

කුලී වන්දනාවේ හැමදාම ගියත් අපි
කිසිදාක සැනසිල්ලෙ ඇවිදින්න ගියේ නැති
කිව්වාට කිසිදාක එක්කලා යන්නෙ නැති

මගේ කරපිටින් නුඹ නොකියාම යන්න ඇති

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment