කළගුණ



හසරක් නොදැන ඇවිදිනා කල
කුලී ලෙට ගෙන්නා
පොලොස් ගැට තම්බා
රුලං කෑලි දෙකත්
දෙකට කඩා
බිරිඳත් මමත්
 ඇතිදැඩිකළ
උන්
දැන් ලොකුය

ජැන්ඩියට ඇඳ පැලඳ
වැඩට යති
කඩෙන් කා ගෙදර එති
කාමරයට වී දොර වසා ගනිති
පාන්දරම නැගිට පිටව යති

0 comments:

Post a Comment