දැන් මහ ලොකු
චණ්ඩිය නේ ?
&කසුන් අයියෙ.....*
කල්පනාවෙහි සාගරයක වෙළී උන්නු මගේ දෑස් වෙල්යායේ ආපහු
හැරැණ.... සෙව්වන්දි....
&කොහෙද ගියේ...?*
දැං ඉතිං දීපංකො.තලෙළු පැහැයෙන් යුතු ඇගේ දඟකාර ඇස්
එක්කලා කටකාරකමත් කොහෙන්දෝ එක්වෙලා තිබුණ.
මඳක් මිටි සිරැරකට හිමිකම් කී ඈ තමයි අපේ නංගිගෙ හොඳම යාළුවා . හිනාවෙනකොට
මුවගින් වළ ගැහෙන නාඹර දඟකාරකමක් ඇගේ ගාව තිබුණා.
&ගමනක්?*
&ආපෝ මොකද මේ මූණෙ හැටි විතරක් රුවුලත් වවාගෙන?*
&අනේ මේ මගේ හැඩ බලන්න එන්නැතුව තමුසෙගෙ වැඩක්
බලාගන්නවද?*
&වැඩේමයි....පව් හලෝ අර කෙල්ල. ....මහ ලොකු අයියගෙ
වැඩ හින්ද ඒ කෙල්ලනෙ දුක් විඳින්නෙ.. දැන් ගමේ හැමෝම කතාවෙනව ඔයා ගැන*
ඇස් ලොකු කරගෙන දුක්මුසු හඬක් මවාගෙන කියන හැටි.මහලොකු
අම්මණ්ඩි කෙනෙක් වගේ.
&ඉතිං හොඳයිනෙ...*
&හොඳයි.. හොඳයි තමයි හොඳ වැඩ කරල කතා වෙනව නම්..*
&මොනාද මං කෙරැවෙ... පිස්සුනෙ අපේ නංගිට..*
&පිස්සු... කවුද සඳුන් අයියලගෙ ගේ ඉස්සරහදි ගාල්ල
බස්සෙකේ ඩ්‍රයිවර්ගෙ බෙල්ලට පිහිය තිබ්බෙ. කොන්දොස්තරට ගැහුවෙ කවුද? සඳුන් අයියලගෙ
ගෙදර තිබ්බ කැත්ත ගෙනිහින් අර මනුස්සයගෙ බෙල්ලට තිබ්බෙ සිල් අරන් එන ගමන්ද?*
&හා.. හා.. ඇති .. ඇති.. කවුද ඔය බොරැව කණේ තිබ්බෙ...*
&බොරැ... අපි දන්නෑ කියලනෙ හිතන්නෙ....දැන් මහලොකු
චණ්ඩියනේ.... හැන්දෑවට බෝක්කුව ගාව බජව් දානවත් අපිට ඇහෙනව...*
&කවුද?.... මම... පිස්සුද?*
නුරැස්සනා තාලෙට මං කියල දැම්ම. මේකි කොහොමද මෙව්ව
දන්නෙ.
&නෑ මමනෙ...*
&ගෑනුන්ටත් ඉතිං ඕන්නැති මගුලක් නෑ... ගෙදර හිටියත්
අල්ලපු වත්තටනෙ කණ තියන් ඉන්නෙ..*
&අනේ මේ මට ඕන්නැති ඕපයක් නෑ... මට දුක අර කෙල්ල
ගැන... තාත්ත එහෙන් බී ගෙන ගිහින් පිස්සු නටනව... මහලොකු සහෝදරය ගමේ මිනිස්සුන්ට
චණ්ඩි පාට් දදා රට වටේ රස්තියාදු ගහනව... නංගි කෙනෙක් ඉන්නව කියල ගාණක් තියෙනවද..?
ඔයා කරන වැඩ හින්ද ඒ කෙල්ල කොහොමද පාරක බැහැල යන්නෙ....*
වෙල මැද්දෙ ඉඳගෙන පාරම් බාන සෙව්වන්දිගෙ සද්දෙට මානෙල්ගෙ ගෙදර එවුනුත් එළියට බැහැල. මං
අනිත් පැත්තට හැරැණෙ කොළඹගෙදර කවුරැවත් එළියට බැහැලද කියල
බලන්න.වාසනාවට..... නෑ....
&අනේ.... මේ පින්සිද්දවෙයි... ගෙදර යනවද? තාම උදේට කාලත්
නෑ..*
&කියල වැඩක් නෑ හලෝ ඔයාට.. හැදෙන්න බලන්නකො කසුන් අයියෙ..*
&පිස්සුද හලෝ.... ගෑනු කියනේව අහල හැදෙන මිනිස්සු
ඉන්නෙ නවකතාවලයි චිත්‍රපටිවලයි විතරයි*
&එහෙමද.. ඒක නෙමේ නිකං රස්තියාදු ගහන එකේ එන්නකො අපි යන ඉංග්‍රීසි පන්තියටවත්...*
&අපේ නංගිද උගන්නල එව්වෙ... මට එච්චරනෙ අඩු... අල්ලගන්නංකො
ඕකිව..එ
මවාපෑ තරහවක් එක්ක මං අඩි පාර දිගේ ඉස්සරහට ඇදුණ. ඇගෙන්
පිටවෙන දෙබස් ඇතුළෙ මොකද්දෝ සිහිලසක් දැනුනත් ඒ ගැන හිතන්න තරං තෙත්වුණු හිතක්
නැද්දැයි මට හිතුණ. මං ඇය පහුකරල කන්ද නගින්න ගත්ත.
මං නුඹ ගැන හිතුව තරම්
මං නුඹ ගැන හිතුව තරම්
නුඹ මං ගැන නොසිතු තරම්
රිදවුම් දෙන සිතත් අරන්
කොයි තරම් දුරක්
තව යන්නද මං
ඇහැරවා තියා -මුළු ලොවට හොරෙන්
කකියනා හිතේ - රිදවුම් කියමන්
නෑසුනාවගේ - හිටියාට මමත්
හිත බැන්ද සෙනේ නං - නෑ අඩුවක්
හිත වටේ එතෙන -නුඹ එක්කල මං
දුර ඈත අනන්තෙට - යන්න හිතන්
මැවු හීන මාළිගා - එළිවෙනකං
තව කොච්චර කල්නං - ඉන්නද මං
පපුතුරේ හොවන් -හිස සිඹපු ගමන්
නුඹෙ සෙනේ දියෙන් - ඇහැරැණත් මෙමන්
මව් ඇකේ නිදන - පුතු දිහා බලන්
හිත හදන් එන්නෙ -කොහොමදෝ කියන්
ඉඳුනිල් සින්දු
මං නුඹ ගැන හිතුව තරම්
නුඹ මං ගැන නොසිතු තරම්
රිදවුම් දෙන සිතත් අරන්
කොයි තරම් දුරක්
තව යන්නද මං
ඇහැරවා තියා -මුළු ලොවට හොරෙන්
කකියනා හිතේ - රිදවුම් කියමන්
නෑසුනාවගේ - හිටියාට මමත්
හිත බැන්ද සෙනේ නං - නෑ අඩුවක්
හිත වටේ එතෙන -නුඹ එක්කල මං
දුර ඈත අනන්තෙට - යන්න හිතන්
මැවු හීන මාළිගා - එළිවෙනකං
තව කොච්චර කල්නං - ඉන්නද මං
පපුතුරේ හොවන් -හිස සිඹපු ගමන්
නුඹෙ සෙනේ දියෙන් - ඇහැරැණත් මෙමන්
මව් ඇකේ නිදන - පුතු දිහා බලන්
හිත හදන් එන්නෙ -කොහොමදෝ කියන්
ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment