අනේ නෝන මහත්තයෝ........

අනේ නෝන මහත්තයෝ........



පාන්දරම ඇහැරී
නුගේගොඩ හන්දියට පැමිණ
පැදුරක් එළාගෙන
වාඩි වුණෙමි
සිඟමන් යදිනට.........

අනේ නෝන මහත්තයෝ...
සමාවෙලා මේ අහන්ඩ....
පොඩි කාලෙම තාත්තට
තවත් කසාද අකුණක් වැදිල
එතනම මළා...

මට පස්සෙ ආපු
මල්ලිල දෙන්නව
අම්මට ලොකුවෙලා
මාව මහපාරට ඇදගෙන වැටුණ....

පාර දිගේ
යනෙන අතරමග
අකලට පෙම්වතියො
කීප දෙනෙක්ම හම්බුණා...
කාසි බාගෙ මදි
හින්දම
උනුත් මාව දාල යන්නගියා

අන්තිමට ගෙට ගෙනා එකිත්
දරු පැටවු එක්කල
ඔට්ටු වෙලාමද කොහෙද
ඒකිගෙත් ඇස්
දැන් යටටම ගිලිල

අනේ නෝන මහත්තයෝ......
පින් අයිතිවෙයි.....
ඔයාල ගාව
ඉතුරුවෙලා තියේනං විතරක්
මේටික දොහත්
පවුල් ජීවිතේ ගැටගහගන්ඩ.....
සෙනේ බින්දුවක්
හිස් වෙලා තියෙන
හිත් බෙලෙක්කෙට

දාල යන්ඩ......

0 comments:

Post a Comment