නමට අම්මා කෙනෙක් අම්මේ මට මොකෙටෙයි
මව් ඇකෙන් ගිලිහිලා - මහපාරෙ ඇවිදලා
කුණු බක්කි සූරලා - බත්කටක් ඇහිඳලා
ලේ රහ වෙනතුරා - ඇඬුව මරහඬ තලා
තුරුළු කරගන්න නුඹ - හිටියෙ නෑ මග බලා
නැලවිලි කව් සිහිල - නොවිද නිදි වැරුවයි
සීතල කඳුළු කැට - නෙතු අගින් වැටුණයි
කඳු පඳුරු මැදින් මහ - ගිරිඳඹය නැග්ගයි
රිදුම් දෙවනා මතක - හද පතුලෙ රැඳුණවි
කාසිනැති විටෙක දරු - සෙනෙහෙ මතකයට එයි
වන්දනාවෙත් ගිහින් - එනවිටත් ඇයිත් යයි
නුඹ දකින මහද කෑ - ගසා වරෙක ඇසුවයි
නමට අම්මා කෙනෙක් අම්මේ මට මොකටෙයි
සටහන - ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment