සෙලියුලර් කපුවාට
කපුකමින් මා පවුල්කර
කලක් නිහඬව හිඳ
අයිමත් දොඩමළු වන
සෙලියුලර් කපුවාණ
නිලංකාර එළියම මගෙ දෑස් හොයනවා
සැරින් සැරේ හදවතත්
වයිබ්‍රේට් වෙනවා
හඳේ සැඟවුණු අකුරු
text වී කෙටෙනවා
තව මඟුල් කපුකමක්
මගේ පපුවෙ අඳිනවා
මහ රෑත් ඇහැරිලා
මං නුඹව සොයනවා
පපුවටම තුරුළුකර
ගෙනත් මං අඬනවා
ලයිලා මජ්නුටත්
මිස් කෝල් වදිනවා
කපුකමක් වැරදිලා
උන් මරා ගන්නවා
සාජාහාන් මුම්ටාස්
කාලේ නුඹ හිටිය නම්
ටජ්මහල හීනයක්
කියා මට හිතෙනවා
සටහන - ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment