අත්තම්මා
අල්ලපු ගෙදර ඉඳගෙන
කවිතාල මුමුණන කොට
තණ පුඩුව ඉවතලා
හොයන් ආවලු නුඹව
රසතාල කවි කතා
හොඳහැටි ගොත ගොතා
ලොකුවෙන්නට කැවුව
බත්ගුලිය නොවෙද නුඹ
නැන්දම්මා ලේලි හබයට
මායිම බෙදුණු දවසට
මං උන්න ගුලිවෙලා
නුඹගේ තුරුලේලෙම
දෙයියන් බුදුන්
සිහිකරන විට
කවුරු හරි මැද්දෙන්
ගියවිට
අරන් සිල් රෙදි කරට
කියයි උඹලයි අම්මට
අකුරු කියවූ නුඹේ
අත්ගුණය හින්දාම
අයනු ආයනු හොඳට
අම්මා ගැන රචකයක්
ලියන්නට කී කලට
දෙවරක් නොහිතාම මම
ලිවීමි අත්-අම්මා ගැන
කල් ගතවී ගොසින්
වැරදුණු වචනෙකට
හද පළුව දෙපළු වී
මරණෙටවත් එන්නේ නෑ
කියා පාර පැන්නාම
මගෙ පුතේ කියාගෙන
පාර අයිනට වෙලා
හිටියා මතකයි නුඹ
වැහි කඳුළු පුරෝගෙන
තාත්තේ කියන්නකෝ
දුව ඉල්ලයි නිතර....
අත්තාම්මා නිවන් ගිහින්
අපිට හුඟක් ඈතයි
ටික දවසක් බලන් හිටියා
එන්නෙම නැති පාටයි
ඒ වුණාට කියා දුන්නු
කවි සීපද වාරම්
අත්තම්මගෙ...
....
කිසිම දවසකය
ගයා අවසන් කරගත
නොහැකි
ගීයයි නුඹ
අත්තම්මා





0 comments:
Post a Comment