ඉක්මනට ඝන්ටාරෙ ගහන්න

ඉක්මනට ඝන්ටාරෙ ගහන්න

සුමනෙ අයියේ ඇයි 
රිස්වාන්
ළඟදි දැක්කේ නැත්තෙ?

ඇයි පොඩි හාමුදුරුවො
දන්නැද්ද?
කවුදෝ කටිට්යක්
රිස්වාන්ලග ගෙට ගහල

මාත් එක්ක පන්සලේ
බෝල ගහපු 
මට වැඩි කරන හැටි කියාදීලා
මගෙන් සිංහල ණයට ගත්තු
බුද්ධාගම ඉගෙනගෙන
ඉස්ලාම් විභාගෙට ලියපු
දවල්ට පන්සලෙන් දානෙ කාල
රෑට බඩගින්නේ උන්නු මට
ගෙදරින් උළුඳු වඩේ අරන් 
ආපු රිස්වාන්
පව් අසරණයා බඩගින්නේ ඇති
මං දානේ පිඟානක් අරන් 
හැමතැනම හෙව්ව 
රිස්වාන් නෑ
ආයිමත් පන්සලට ආවා

ලොකු හාමුදුරුවනේ
ලොකු හදිස්සියක්
ඉක්මණට ඝණ්ටාරෙ ගහන්න

සටහන -ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment