වාන් ඉවුරට කලියෙන්ම හිත
වසාගත්තද හිතවතී
ඉඩෝරෙන් පිරි ඉසව්වෙත්
මල් කිනිති පොඩි ඇහැරෙන හැටි
දන්න හින්දම ළඟට නෑවිත්
දුරක යනවද නොනැවතී
කාටවත් නොකියාම රහසේ
පූදිනා පෙම් සිතුවිලි
ඔය පයට පෑගිලා ඉහිරුණු
විදිය මං දන්නෙත් නැති
ඉල්පෙනා පෙම් තරඟ රුලි
පපුතුරෙන් පිටතට යා නොදී
වාන් ඉවුරට කලියෙන්ම හිත
වසාගත්තද හිතවතී
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment