මේ අහස යටදි අසරණ අපි විතරද සීදේවී



තරු පොකුරු කඩා වැටිලා පොද වැස්ස වැටේවි
පෙම්බැන්ද මතක විතරක් හිත ළඟින් හිඳීවී
මහ පොළව මහා හයියෙන් ගුගුරන්න හදාවි
ගුරු පාර අපිට අහිමිද කියපන් සීදේවි

පලු පැලෙන තරම් ආදරයට හෙණගෙඩි ඒව්
හිත්යාය නෙවෙයි මංගල මුදුවම ලොකුවේවි
මුරුගසං වැස්ස වැහැලා තෙමිලා ලෙඩවේවි
ඒ වැස්ස හරිම නපුරුයි කියපන් සීදේවි

මුදු පැළඳි ඇඟිලි තුඩකට සඳ එළිය ගලාවි
ඔබ නිදනතුරා සරුලි නගා -සිහිනය උදුරාවි
ඔබ පිදූ පුසුඹ ඉඳුවර හද පුදසුන හඬවාවී

මේ අහස යටදි අසරණ අපි විතරද සීදේවී

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment