අම්මෙ මේ වැහි කඳුළු උන්ට මං එවනවා
ලොකු පුතේ මහ ගෙදර - වහලෙ උළු ගැලවිලා
අලුත් උළු හොයන්නට -කාලෙ ඇත ළං වෙලා
පොඩි එවුන් ඉස්කෝලෙ යන්න හොර කරනවා
තාත්තෙක් නැති ගෙදර තාත්තා හොයනවා
පුතා
ඉර එළිය නොදැක ගොස්
ගොම්මනේ ඇදෙනවා
නිදන පුතුට හාදුදී
ආයෙමත් දුවනවා
වේලක් මග ඇරන් දවස කුස පුරනවා
කන්න ගත් බත් කටෙත් අම්මෙ නුඹ ඉන්නවා
හැමදාම ගමේ එන දවස් මං ගණිනවා
ණය පොතේ පිටු නැගිට මාව හිර කරනවා
පුංචි ඇස්වල නපුරු පුපුරු ගිනි පේනවා
අම්මෙ මේ වැහි කඳුළු උන්ට මං එවනවා
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment