කාසිවලට හාදුවක් ගෙදර අරං ආවා බං

කාසිවලට හාදුවක් ගෙදර අරං ආවා බං

ඇඳට වැටුණෙමි මං
හුස්ම නොඅල්ලාම

සැතපෙයි බිරින්දෑ
දරු පැටවු එක්කලා යහන මත
දැවයි හදවත තවම
සිහියට නැගෙයි මතකය

“සංසාරෙ පුරාවට
දෑත් පටලන් යන්න
මගෙ හුස්ම යනකං
හුස්ම අල්ලං ඉන්න
කිසිම දවසක එපා
දෑස් අහකට ගන්න"

නිදිකිරා වැටි වැටී
මහ රෑක එනවා මං
හිනා අහුරක් නොදැක
පාන්දර යනවා දැන්

වියලි කතරකින් දිය 
පොදක් කොහොම  හොයනු මං
කාසිවලට හාදුවක්
අරන් ගෙදර ආව බං

සටහන ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment