බේසික් සොච්චමට
ඕටී බටා එකතුකොට
නොකා නොබී
ජීවිතයේ හොඳම හරිය
ඔෆීසියට සින්නක්කරව උකස්කර
හරි හම්බකරගත් වස්තුවෙන්
සිත දෙපළු වෙයි
කාර් එකක් ගන්නවද?
කසාදයක් බඳිනවද?
දින ගණනක් පුරාවට
දුම්රොළු අහසට සිඹ
නිදිවරා කල්පනා කොට
අවසන තීරණය කළෙමි.
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment