මරාගෙන
කාපියව් මාව
&ඇත්තද බං මේ නංගි කියන කතාව*.
&මොකද්ද? මං කිව්වෙ මුකුත් දන්නැති ගානට*.
&මුකුත්ම දන්නැති තොත්ත බබා. පොඩ්ඩක් හන්දියට බැහැල
අහන්නකො . මෙයා මලිතුත් එක්ක සඳුන් අයියලගෙ ගේ ඉස්සරහදි කොළඹ බස් එකේ වැඩකරන
බෝක්කුව කඩේ සිරිපාල මාමාට මන්නෙකින් කොටන්න ගිහින් තියෙනව. මෙයා තමයි කොන්දොස්තරට
ගහල තියෙන්නෙ*.
&අනේ මේ තමුසෙ යනවද කන පලාගන්නැතුව*
&මං මොකටද කන පලාගන්නෙ. තමුසෙට හම්බවෙයි. රත්නායක
කෑල්ලෙ එවුන් ඉන්නවලු. තමුසෙ එළියට බහිනකං ළඟදිම හම්බවෙයි. ඊයෙත් තමුසෙව හොයල*.
&මං බයවෙයි?*
&මේ.. මේ .. උඹේ ඔය ලොකු කං වලින් අපිට වැඩක් නෑ...
අපිට ගෙවල්වල ඉන්නෝන. රාජට ගැහුවෙ කවුද?... ඒ....
තොපිට කරල වැඩක් නෑ... කවදාවත් හැදෙන එවුන්ය?*
මෙච්චර වෙලා කටපියන් හිටිය. බත් එකවත් කන්න නෑ. දෙන්න
දෙපැත්තෙන් ඉඳගෙන කියෝනව.
&ඇයි මහලොකුවට කරල තියෙනවනෙ අපිට..*
&නැත්තං කටද කෙරැවෙ බොල... අවුරැදු ගාණක් නැහිල
නැහිල තොපිට පණයනකං කරල තව කතන්දර අහන්නත් ඕනද අපි..*
අම්මගෙ ඇඬුම්බර හඬත් එක්ක පැණ නැගුණු කේන්තිය වාන්
දමනව. ගිලුණු ඇස් යටින් හුඟ දුරක් ආපු වේලිච්ච කඳුළු බින්දුවක් ඇය දැලි වැකුණු
සායෙන් පිහිදානව. මගේ බඩගින්නත් නැතිවෙලාද කොහෙද? බත් එක අතගානව මිසක් කන්න
පිරියකුත් නෑ.ඒත් එක්ක එන කේන්තිය. නංගි තමයි මේ ඕන්නැති දේවල් අදින්නෙ. නැත්තං
අම්ම යස අගේට නිවිල හිටියෙ.
&ගෙදර එන්නැති එවුන්ට කන්න තියන්න එපා. අම්ම තමයි මේගොල්ලො නළවන්නෙ*.
&යකෝ... මට පාඩුවෙ කන්නවත් දෙන්නැද්ද? කාපියව්
තොපිම...*
මෙච්චර වෙලා හිර කරං ඉඳපු වේදනාව පුපුරලා ගිහින් බත්
පිඟාන පොළවෙ ගැහුව.
&හැමදාම කණක් ඇහෙන්න නෑ මේ මළදානෙට ආවොත්... ඊයෙ දවල්ටත් කාල නෑ....
මැරිල මැරිල ගෙදර ආවම සැනසිල්ලෙ බත් ඩිංගිත්තක්කත් කන්න නෑ පාඩුවේ. මරාගෙන කාපියව්
මාව.... තෝ... තෝ.. තෝ... තමයි බැල්ලි මේ
සේරම කරන්නෙ... හිටපිය තොට....*
&අනේ අම්මේ.....*
මං පැනපු ගමන් නංගිගෙ බෙල්ලෙන් අල්ලගත්ත.
&අතෑරපං ඔය කෙල්ලව. තොපිට මදාවිකං කරන්න හොඳයි
කිව්වම නරකයි.අතෑරපං හොඳ හිතිං කිව්වම*.
&අම්ම එහෙම කිව්වම මගේ කේන්තිය තවත් දෙගුණ වුණා.
බාගෙට හදපු සිමෙන්ති පඩිය උඩ වාඩිවෙලා ඉඳපු නංගිව ඇදල අරන් කණ පුරෝල එකක් දුන්නෙ
කේන්තිය වැඩි හින්ද*.
&තෝ තමයි කේලං කිය කිය හැමෝම කොටවන්නෙ. ආයි තෝ මෙතන
ගිනිගෙඩි දෙනවද?*
බත් ඩිංගිත්තවත් කන්න නොදී අම්මව කුලප්පු කරපු කේන්තියට
ඉහවහා ගිහින් තිබුණෙ. බෙල්ලෙන් අල්ලලා
හොලවන ගමන් කොණ්ඩෙන් ඇද්ද?
&අනේ අම්මේ...*
&ඒයි ඔය කෙල්ලව අතෑරපං...*
...............................
&අතෑරපං පරය.... *
තරැ විසිවෙන තරං කම්මුල් පාරකින් මගේ කම්මුල් පුපුරැ
ගහනව මට දැනුණ. නිලංකාර වෙන ඇස් යාන්තමට හරවලා බලද්දි තාත්ත....... දෑතිම්ම මෙලෝ
සිහියක් නැතුව මගේ මූණට ගහනව. මං මූණ බදාගෙන එතනම ඉස්තෝප්පුවෙ ඉඳගත්ත.ඒත් තාත්ත
නොවත්තාම මගේ කම්මුලට පහරදෙන හින්දම මං මූණ බදාගත්ත.
&අහකට වෙනවකො.. දරැවව මරං කන්නැතුව. තමුසෙට මොන යකා
වැහිලද?*
අම්ම මං ගාවින් හිටගත්තෙ තාත්ත ආයිමත් ගහන්න එනවට
වෙන්නැති. තාත්ත ගහපු පාරකට මයෙ ඇහැ ගාව හීරිලද කොහෙද? අම්ම මං ගාවින්
ඉඳගත්ත.පුපුරැගහන මූණ දෝතිම්ම බදාගෙන මං අම්මයෙ උකුල උඩින් ඔළුව තියාගත්ත. අම්මයෙ
තුරැල්ලට හාන්සි වුණාම මයෙ වේදනාව එකපාර නැතිවෙලා ගියා වගේ දැනුණ. ඒත් එක්කම පපුව
හීතල වෙලා ගිහින් වාවන්න බැරි දුකකින් හිත පිරිල ඇස්වලින් උතුරලා ගියා. ඒත් මං
දොතිම්ම පුපුරැ ගහන මූණ බදන් හිටිය.
&කෝ අහකට ගනිං අත.....මේ...නළලත් හීරිලා.. ලේත් එනවද
කොහෙද... අනේ අම්මප... දරැවොන්ට මෙහෙමත් ගහනවද?*
&ගහනව නෙවෙයි? ඕකව හමගහනව... අහල බලහල්ලකො වටපිටාවෙන් මුගේ
වැඩ... බස්කාරයෙකුට පිහියෙන් කොටන්න ගිහින්. ඒ මදිවට රාජටත් ගහල...*
&බොරැවෙන්නැති ඕකුන්ගෙ*.
&බොරැ....
යකෝ. අහපිය හන්දියෙ එවුන්ගෙන්.. පාරෙ බැහැල යන්න නෑ ..මිනිස්සු බණිනවා... තොපි වගේ
එවුන් හැදුවට අපිටයි ගහන්න ඕන... පාදඩේ ගිහිල්ල ඇවිල්ල..... ඒ මදිවට තෝ අර අහිංසක කෙල්ලටත් හයිකාරකං පෙන්නන්න ආවද?*
&තොට මං...?*
අමෝරාගත් දෑත ආයිමත් මං දිහාට එසවුණකොටම අම්ම ඉස්සරහට
පැන්න.
&පාඩුවෙ ඉන්නවකො..*
&පාඩුවෙ ඉන්න. තමුසෙ තමයි ඔක්කොම කරන්නෙ. මූව එළවලා
දාන්නැතුව....හුරතල් කරනවා... දැන ගනින් උඹට තව මේ ගෙදර ඉන්න පුළුවන් දවස්
දෙකයි... උඹ රස්සාවක් හොයාගන්න ඕන.. නැත්නම් මෙහෙන් තොලොංචි වෙලා යන්න ඕන.. මේ මං
කියන අන්තිම වතාව.. එකෙක් හරි විරැද්ධ වුණොත් මූ එක්කම තොපිටත් යන්න පුළුවන්..*
මම හිතේ කේන්තියත් දුකත් දරාගෙනම වේගෙන් නැගිට්ට.
හැමෝගෙම කතන්දර අහල මට දැන් එපාවෙලා.කවුරැවත් මාව තේරැම්ගන්න පාටකුත් නෑ.
කොහෙන්වත් සැනසිල්ලක් නෑනෙ. කරන්නෙ මොකද්ද කියල දෙවතාවක් හිතන්න ඕන වුණේ නෑ. ළඟම
තිබුණු වතුර බාල්දියටත් මගේ පා පහරින් දීගෙන
කාමරයට වැදුණු මං දොර වහගත්ත.
සෙනෙහස
පුංචි පැටවු කුසගින්නේ කිරට ඇහැ ඇරී
නිදිවරාන මරහඬ තලනව තුරැළට වී
මව් සෙනෙහස තරමට මට එරෙන කිරි මදී
ඉක්මනටම කඳුළු බින්දු වෙයන් රන්කිරී
ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment