මතකය විසිකරනු අහකට
අහම්බෙන් ඇවිදිනා විට
අපි ඇවිද ගිය වෙරළළඟ
වැටකෙයියා පඳුරක් යට
වැතිරී තිබුණි
අපේ සුන්බුන් මතක
අහුලලා ගෙනත්
තැබුවෙමි කොට්ටය යට
පහුවදා ඇහැරී බලන විට
බිරිඳ විසිකර දමා තිබුණි
කුණුගොඩක් අසලට
හනික අහුලාගෙන
සඟවා අල්මාරිය තුළ
සුවඳ ගල්වා
රැකි මතක පොද
අහම්බෙන් හමුවූ දවසක
දිගු කළෙමි ඇයහට
ඔවැනි මතක හුඟ
පඳුර යට තව ඇතිකොට
මටවත් මතක නැති
මතකය විසිකරනු අහකට
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment