දස්කොන්, ප්‍රමිලා සහ මම
දස්කොන් නමින් වැටෙන
ප්‍රමිලාගෙ සුසුම් හඬ
නොනිදනා මගෙ සවනෙ වැකෙනවා
හුස්මක් තරම්වත්
නොවටිනා මං ගැනම
මහා අසරණකමක් දැනෙනවා
දිවා රෑ නොබලාම
දිවුවාට මහදුරක්
මග හැලුණු හුඟක් තැන් තියෙනවා
හිනාවක් නැති මුවග
කඳුළු කැට හංගගෙන
හෙටත් මං මහමගට බහිනවා
නුඹ නමට නිදිවරා
පිරූ සෙනෙහෙ දියවර
හිඳුණු හැටි හිත මගෙන් අහනවා
ප්‍රේමයේ සොහොන් කොත
පපුවට තුරුළු කර
මං ඔහේ බලාගෙන ඉන්නවා
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment