කාශ්‍යප සීගිරියට ඇවිත්....
දිගැසිය ගල්ගැහිලද තාම නුඹ
නොදැක්කා වගේ ඉන්නෙ
ආවම මං
මගෙ පරණ විමානෙට....
කලා වැව් බැම්ම ගාවට
ආපු ගමන් ආව
කවුරුවත් නොදන්න
කතාවක් කියල යන්න
කලා වැව අයිනට වෙලා
කවියක් ලියාගෙන
පාඩුවෙ ඉන්නකොට
පිය රජු කොහෝදෝ ඉඳල
මාව හොයන් ඇවිත්.
මං කිව්ව.........
මුදුන් මුල කැඩුණම - මහ පොළොව බදන්න අමාරුයි..
අන්තිම හුස්මත් යනකං - ඒ මතකය තියෙයිෆ කියල
එතකොට මට කිව්ව...
උඹ මගෙ එකෙක් නෙවෙයි කියල
මං අඬ අඬා තාත්තව
වැව් බැම්මට තියල මැටි ගැහුව...
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment