දුවන්නද මාත් හනිකට - උන් එක්කලා තරගෙට
යෂ්ටියක් අතින් ගෙන
හුස්මක් කටක් නොගෙන
දුවනවා තාත්තේ
සැවොම හිස් ලූලූ අත
දුවන්නද මාත් හනිකට
උන් එක්කලා තරගෙට
අර බලන් දුර ඈත
පේනවද නුඹට හරියට
ජීවිතේ මග දමා
මහා හයියෙන් දුවන උන්
අතරමග නැවතිලා
කන්තෝරුවල - පෝරුවල
සිමෙන්ති ලෝකවල
සිරගතව
හතිලන අපූරුව
ගනින් මේ පෑන සුරතට
රිංගපං හදවත් ඇතුළට
හාරලා අරන් ලියපං
ජීවිතේ හරි හරියට
කාසි බාගෙ නැතත්
යහමෙට
අන්තිම හුස්ම යන දවසට
පුළුවන් වෙයි උඹට
හැම ඇහැකම
කඳුළක් තියා යන්නට
අනික් උන්
ගමට සුදු කොඩියක්
දමා යනවිට
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment