ඇහැරියං මගෙ දුවේ

ඇහැරියං මගෙ දුවේ

මං උපදිද්දිම
උඹලයි අත්තම්මට
මහන්සියි කියල
මාව දාල ගියා

කුඩම්මට පුත්තු
දෙන්නෙක්ම හිටපු හින්ද
මාව අගුපිලට වැටුණ.

ගෙදරින් පිටවෙලා
කොළඹට ඇවිත්
උඹලෑ අම්ම
මුණගැහෙද්දි
උන්දැ
ආදරෙන් පිටමං වෙලත්
හුඟක් කල්


උඹ ගෙට ආවෙ
එහෙව් කාලෙක

කවුරුවත් නොඉම්බ මාව
උඹ ආදරෙන් ඉම්බ....
නින්ද යනකං උඹ ගාවින්
යන්න නොදුන්නම
කවුරු නැතත් මට
උඹ ඉන්නවනෙ
හිත හදාගත්ත.
උඹේ කිරි නිකට ඉඹින්න
අදත් රූ වෙන්න කලියෙන්
මං ආව....

අනේ... ඇහැරියං මගෙ දුවේ.....

සටහන - ඉදුනිල් සින්දු

0 comments:

Post a Comment