තාත්තෙ මං ආව
කොතක් නැති සොහොනක
බැකෝවකින් කැපු වලක
නිදා සිටින තාත්තා සොයා
ආණ්ඩුවෙ සොහොනට ගොස්
මහපොළව හාරමි
තාත්තෙ මං ආව
අම්මත් ලෙඩ ගානෙ
දොස්තර නං කියන්නෙ
දරුණු තැල්මවල්
දැන්ලු පෑරෙන්නෙ
ලොකු මල්ලිත් තාත්ත වගේලු
ගමම කියනව.
අහල පහළ ගෙවල්වලටත්
වැද්දගන්නෙ නැහැලු දැන්.
පොඩි එකා දැන් ඉස්කෝලෙන්
වංගු දාලා කඬේ පැත්තට හරෝල
ඇදවුණු අකුරු ඔතලා
මොනවදෝ බොනවලු.
නංගිත් පැනල ගියේ
ඉස්කෝලෙ යන ගමන්
සැනසිල්ලේ ඉන්නවද නුඹ
මහ පොළව යටට වී
පුළුවන්නං කියනවද
මුදුන් මුල බිඳුණාම
මහ පොළව බදන හැටි
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment